Saturday, January 27, 2018

ස්වයO යොජනා වල බලය අත්දකිමු.

ඔයාගේ ජීවිතේ පාළනය ඔයා සතුයි. අන් අයට දීපු නූල් ආපසු ඔබ අතට ගන්න. ස්වයං යෝජනා වල බලය අත් විඳින්න. සෑම දිනකම මේ ස්ව‍යං යෝජනා කණ්නාඩියකින් ඔබේ ඇස් දෙක දිහාම බලාගෙන කියන්න. පේන්න අලවා තියා ගන්න.

  • නැවුම් සිතුවිලි නිසා මගේ ජීවිතයම සොඳුරුයි! ආනන්දනීයයි! ප්‍රභාශ්වරයි!

  • මගේ ජීවිතයේ හැම මොහොතකම සතුට පිරිලා ඉතිරිලා!

  • හැම අවස්ථාවකින්ම හොඳක් වෙන බව මම ඉඳුරාම  දන්නවා.

  • හැම යහපත් දේ මම කරන්නේ ඉතාම කැමැත්තෙන් හා උනන්දුවෙන්!


  • මම මගෙත් එක්ක ඉන්න හැම මොහොතකම සතුට පිරිලා ඉතිරිලා

  • මගේ ළඟ ඉන්න හැමෝටම සතුට බෙදා දෙන්න මට පුළුවන්

  • උදාවෙලා තියෙන හැම ලස්සන දවසකටම මම මටම ස්තුති වන්ත වෙනවා.

  • සෑම ලස්සන දවසකටම විශ්ව ශක්තියට ස්තුති වන්ත වේවා!

  • අලුත් අය හඳුනා ගැනීම හරිම සතුටක්

  • මට ඉතාම ආකර්ෂණීය පෙනුමක් තියෙනවා

  • මගෙන් වියයුතු කටයුතු මම කරන්නේ හරිම සතුටින්

  • මම මගේ රැකියාව කරන්නේ හරිම තෘප්තියකින්

  • මොහොතින් මොහොත මගේ ජීවිතයේ සතුට වැඩිවෙනවා

  • හැම ප්‍රශ්නයක්ම ගැටළුවක්ම මගේ ජීවිතයට ළඟා වෙන්නේ මට හොඳක් කරන්න

  • සැබවින්ම මම මට හුඟාක් ආදරෙයි



  • මේ ජීවිතයම අපූරු සොඳුරු චාරිකවක්

  • හැම විටම අළුත් විකල්ප සොයා ගැනීම පහසු කරුණක්

  • මා අන් අය අතර ඉතා ජනප්‍රියයි

  • මගේ අනාගතය සොඳුරු පියකරු එකක්

  • මගේ පවුලේ හැම කෙනෙකුටම මම කැමතියි.

  • මම හුඟාක් වාසනාවන්තයි.

  • ගේ ජීවිතයේ වෙන හැම යහපතකටම මම විශ්ව ශක්තියට ස්තුති වන්ත වෙනවා

  • මගේ අනාගතය ඉතාම දීප්තිමත්

  • මම ඉරක් වගේ ලෝකෙටම එළිය දෙන්න පුළුවන් කෙනෙක්

  • විශ්වයේ අනන්තවත් විශ්ව ශක්තීන් මගේ සතුටත් ප්‍රබෝධයත් වැඩි කරනවා

  • මගේ යටි සිතේ අසීමිත ශක්තියෙන් මට හොඳට වැඩකරන්න පුළුවන්

  • මා උපන්නේ දිනන්නයි. ඔව් මට පුළුවන්

  • මගේ හැම දිනුමකින්ම අනිත් අයටත් යහපතක් වෙනවා

  • මගේ ජීවිතේ ඉලක්ක දිනා ගන්නේ හරිම කැමැත්තකින්, හුඟාක් අභිමානයකින්

  • හැම දවසකම හැම මොහොතකම මම ප්‍රබෝධයෙන්

  • සෑම දවසකම සෑම මොහොතකම මම මගේ ඉලක්ක වෙත ළං වෙනවා.

  • ජීවිතයේ හැම අභියෝගයක්ම මා සතුටින් ජයගන්නවා

  • සතුට පිරුණු මගේ සිතට හැමෝටම මෛත්‍රිය කරන්න පුළුවන්

Monday, January 15, 2018

හැමදාම සතුටින් ඉන්න පුලුවන්

සතුටින් ඉන්න පුලුවන් පියවර කිහිපයක්,ඔයාලත් මෙහෙම කරලා බලන්නකො 


  • උදැසන අවදි වෙන විට අද දවස සතුටින් ඉන්න මට පුලුවන් කියන සිතුවිල්ලත් සමග අවදි වෙන්න.
  • විශ්ව ශක්තිය මා වටා පවතින බව විශ්වාස කරන්න.




ඔබෙ රිණාත්මක ලක්ශන මොනවාද? එවා හැකි තරම් ජිවිතයෙන් ඉවත් කරගන්න.


  • ඔබ හෝ ඔබ විෂ සහිත ද? ඔබ සෘණාත්මක ප්රභවයක් සොයාගත් පසු එය නිදහස් කරන්න! එය යමෙකු නම්, ඔවුන්ට මුහුණ දෙන්න! එය දෙයක් නම්, එය ඉවත් කරන්න!



සාමය දෙන දෙ පමණක් හදුනා ගන්න.

  • ඔබේ ආදරණීයයන් සමඟ කාලය ගත කිරීමද? ඇවිදින්න යන්න? නැත්නම් එය සරලවම විය හැකිද? ඔබ සාමය ගෙන එන්නේ කුමක් ද යන්න සැලකිය යුතු බලපෑමක් කිරීමට දිනපතා කුඩා වර්ධනයක් එකතු කරන්න.



නිතරම ඔබ සතුව ඇති දෙ හට ස්තුති වන්න.

  • ස්තුති කිරීමට බොහෝ දේවල් තිබේ. හිරු එළිය වැනි කුඩා දේවල් සඳහා හෝ විස්මිත පවුලක් වැනි විශාල දේ මෙන්ම මිත්රයන් විශාල පිරිසකට එය විය හැකිය. ඔබ අගය කරන දේ හඳුනා ගන්න.



ඔබ පොඩ්ඩක් ඔබ සමගම කතා කරන්න.

  • ඔව්, ඔබ දර්පණය දෙස බලන විට, ඔබ නියමයි කියා පවසන්න. ඔබ හා ඔබට එකම අරමුණ ඇත්තේ එකම බව හඳුනා ගන්න. විශ්වාස කරන්න.



ඔබ කරන සියලු දේ සැමරීම.
  • එය ටිකක් ආශ්වාදජනක හැඟීමක් ඇති නමුත් ජීවිතයේ ජයග්රහණවලින් වැඩි කොටසක් ලබා ගත හැකිය. ඔයා කිව්වා වගේ ඔයාලා හරියටම වගේ කෑගැහුවා වගේද? සමරන්න! ප්රීතිමත් පැයක් තුළ සන්ට්රීරයේ අතිරේක වීදුරුවක් ඔබ රඳවා තබා ගත්තේද? සමරන්න! සෑම ධනාත්මක පියවරක්ම සමරනු ලැබිය යුතුය.

Thursday, January 11, 2018

ලොව හෙල්ලූ මිනිසෙක් මරණ මංචකයේදී කී කතාව

සමාජයේ යතාර්තය.... සල්ලි .....??????

ඔබගේ කාලයෙන් පොඩි වෙලාවක් වැය කර හැකිනම් මෙය කියවා බලන්න.

ලොව හෙල්ලූ මිනිසෙක්
මරණ මංචකයේදී කී කතාව
ඇපල් සමාගමේ සම නිර්මාතෘවරයා වූ ස්‌ටීව් ජොබ්ස්‌ මියගියේ 2011 වසරේ ඔක්‌තෝබර් හය වැනිදාය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු පනස්‌ හයකි. පරිගණක ක්‌ෂේත්‍රය හා දුරකථන ක්‌ෂේත්‍රය ඇතුළු ලෝකයේ මිනිස්‌ ජීවිත වෙනස්‌ කරන සුළු ක්‌ෂේත්‍ර ගණනාවක්‌ බරපතළ ලෙස වෙනස්‌කම්වලට භාජනය කරන්නට සමත් වූ මේ අසහාය මිනිසාට කාටත් පොදු අටලෝ දහම හමුවේ නම් පරාජය වෙන්නට සිදු විය.
ස්‌ටීව් ජොබ්ස්‌ මියගියේ දරුණු අගන්‍යාස පිළිකාවකින් අනන්ත දුක්‌ විඳිමිනි. ඔහු විසින් සිය මරණ මංචකයේදී කළේ යෑයි කියන ප්‍රකාශයක්‌, ඔහු මියගිය පසුව 2015 අවුරුද්දේදී අන්තර්ජාල වෙබ් අඩවි පුරා වේගයෙන් පැතිර යන්නට විය.
මේ ඔහු විසින් කරන ලදැයි කියවෙන ඒ අවසන් ප්‍රකාශයයි.
මම ව්‍යාපාර ලෝකයේ ජයග්‍රහණයේ මුදුන් හිණිපෙත්තටම පැමිණි අයෙක්‌මි. බොහෝ අය දකින පරිදි මගේ ජීවිතය ජයග්‍රහණය පිළිබඳවම වූ සංකේතයකි.
එහෙත්, වැඩ කිරීමෙන් ලද සතුටට අමතරව මා ජීවිතයෙන් ලද සතුටක්‌ ඇතිනම් ඒ ඉතා ස්‌වල්ප වශයෙනි. මා මේ ජීවිතයෙන් ලබා ගත් එකම සතුට ධනවත් වීම පමණකි.
මේ මොහොතේ මේ ගිලන් ඇඳේ වැතිරී ඉඳිමින් මම මගේ මුළු ජීවිතයම මෙනෙහි කරමි. ළඟ ළඟම එළඹෙන මරණය හමුවේ මා මෙතෙක්‌ ආඩම්බරයෙන් දරා උන් ධනවත් බවෙහිත් කීර්තියේත් දීප්තිමත් බව කෙමෙන් දියවී යන අයුරු මට පෙනෙයි.
අද මගේ පණ නල රැඳී තිබෙන්නේ මගේ සිරුරට සවි කර ඇති මේ යන්ත්‍රවල පිහිටෙනි. ඒ යන්ත්‍රවල මුණු මුණුවත්, ඒවායේ කොළ පැහැ එළිත් අඳුරේදී දකින මට මරණයේ දේවතාවන්ගේ හුස්‌ම හඬ කෙමෙන් ළං වෙන්නාක්‌ මෙන් දැනෙයි.
ජීවත් වෙන්නට ප්‍රමාණවත් තරම් මුදල් උපයා ගත් විට, ධනවත්කම හා බැඳීමක්‌ නැතත් ජීවිතය හා බඳීමක්‌ ඇති අනෙකුත් කාරණා ඉටු කරගන්නට කටයුතු කළ යුතු බව මට දැන් දැනෙයි.
ඒවා ධනවත්කම තරමටම ජීවිතයට වැදගත්ය.
අපේ සමීපතමයන් හා ඇති බැඳීම, කලාව, ළමාවියේදී අප මැවූ සිහින.. මේවා ධනවත්කමට වඩා ජීවිතයට වැදගත්ය.
මේ සියල්ල අත්හැර ධනය පසුපසම හඹා යැමෙන් වනුයේ මා වැනි පැටලුම් සහගත පීඩිත මිනිසෙකු නිර්මාණය වීමය.
දෙවියන් අපට සිතන්නට ශක්‌තිය දුන්නේ අන් අයගේ සිත්හි ඇති ආදරය කරුණාව දකින්නට මිස ධනය විසින් මැවූ මායාවේ දීප්තිය පමණක්‌ දකින්නට නොවේ.
මා විසින් උපයා ගත් අසීමාන්තික ධනයෙන් කිසිවක්‌ අද මට ගෙනයන්නට නොහැකිය. මට ගෙනයන්නට හැක්‌කේ මගේ සිතෙහි රැඳුණු ආදරය පිළිබඳ මතකයන් පමණකි.
අපට උපයා ගත හැකි සැබෑ ධනවත්කම් ඒවාය. ජීවිතයට ආලෝකයත් ශක්‌තියත් ලබා දෙන්නේ ඒ ධනවත්කම් මගින් පමණකි. ජීවිතයේදීත් මරණයේදීත් අප හා රැඳී සිටින්නේත් ඒ මතකයන්ගෙන් සැදුම්ලත් ධනය පමණකි.
ආදරයට සැතපුම් දහස්‌ ගණන් දුර යා හැකිය. ජීවිතයට සීමා මායිම් නැත. ඒ නිසා ජීවිතය තුළ සැරිසරන්න. ඔබට හැකි තරම් ඉහළ ඉලක්‌කයකට ගමන් කරන්න.. ඒ සියල්ලට ශක්‌තිය ඇත්තේ ඔබේ හදවතේ හා ඔබේ දෑතෙහිය.
මේ ලොව මිල අධිකම ඇඳ කුමක්‌ද..?
ඒ ගිලන් ඇඳයි..
ඔබට ඔබේ වාහනය ඔබ වෙනුවෙන් පදවාගෙන යන්නට කෙනෙකු මුදලට සොයා ගත හැකිය. එහෙත් ඔබ වෙනුවෙන් ඔබේ රෝගී බව දරාගනිමින් ගිලන් ඇඳක සැතපෙන්නට කෙනෙකු කොතරම් මුදල් ගෙවාවත් සොයා ගන්නට නොහැකිය.
නැති වෙන, විනාශ වෙන භෞතික දේවල් නැවත ලබා ගන්නට හැකිය. එහෙත් නැති වී ගිය ජීවිතයක්‌ නැවත ලබා ගන්නට කවමදාකවත් නොහැකිය.
ඔබ කොතරම් පොත් පත් කියවා ඇති අයකු වුවත්, ඔබට කියවන්නට නොහැකි වූ තවත් එක්‌ පොතක්‌ ඇති බව ශල්‍යාගාරයට ඔබව ගෙනයන මොහොතක ඔබට මතක්‌ වනු ඇත. ඒ නිරෝගී ජීවිතයකට මාර්ගය නම් පොතයි.
අප ඉන්නේ ජීවිතයේ කුමන අවධියක වුවද, ජීවිත කතාවේ තිරය වැසෙන දිනය ඕනෑම මොහොතක එළඹිය හැකිය. ජීවිතය එබඳු අවිනිශ්චිත නාට්‍යයකි.
එබැවින් ඔබේ පවුලට, සැමියාට බිරිඳට, මිතුරු මිතුරියන්ට ආදරය කරන්න.
ඔබට ආදරය කරන්න.
ඔබව මෙන්ම අනෙක්‌ අයවත් ආදරයෙන් රැක බලා ගන්න
(උපුටා ගැනීමකි)

සාර්තකත්වයට ලO වෙමු.ජිවිතය ජය ගමු.

මම හිතන්නේ ඔබ මා සමග එකඟ වෙමි.
සමහර අය ජීවිතයේ සාර්ථක ජීවිතයක් ගත කරන ආකාරය ගැන සිය ජීවිත කාලය පුරාම කල්පනා කරති.
රහස සැබැවින්ම ප්රධාන අංශ හතරකට වැටී ඇති බව දැන ගැනීමට ඔබ පුදුමයට පත් වනු ඇද්ද?
හොඳයි, එය කරන්නේ.
ඔබ දකින පරිදි, හතර අංශයන් හසුරුවන ඕනෑම අයෙකු සඳහා පුද්ගලික සාර්ථකත්වය සාක්ෂාත් කර ගත හැකිය.
සෑම කෙනෙකුටම පෞද්ගලික සාර්ථකත්වය හා සාර්ථකත්වය සඳහා යතුරු ඉගෙන ගැනීමට අවශ්යයි. සෑම කෙනෙකුම සතුටුදායක, සෞඛ්ය සම්පන්න ජීවිතයක් ගත කිරීම, අර්ථවත් වැඩ කිරීම හා මූල්ය ස්වාධීනත්වය ලබා ගැනීම අවශ්ය වේ. ඔහු හෝ ඇය වටා සිටින අය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීමට ලෝකය තුළ වෙනසක් කිරීමට සෑම කෙනෙකුටම අවශ්ය වේ. සෑම කෙනෙකුටම ඔහුගේ හෝ ඇයගේ ජීවිතයෙන් පුදුම දෙයක් කිරීමට අවශ්යයි.
සාර්ථකත්වයේ යතුරු එක තොරතුරු කොටසක්, නියම වේලාවේ දී එක අදහසක්, නිවැරදි තත්ත්වයේ දී, ඔබේ ජීවිතය වෙනස් කරගත හැකි බව මම සොයා ගත්තා. ඒ වගේම ශ්රේෂ්ඨ සත්යයන් සරලයි කියලා මම ඉගෙනගත්තා.

අපි හැමෝටම පොදු අරමුණක් තිබෙනවා


අපෙන් බොහෝ දෙනෙක්ට, පෞද්ගලික සාර්ථකත්වය පසුබිම, බුද්ධිය හෝ දේශීය හැකියාවන් පිළිබඳ කාරණයක් නොවේ.අත්යසාමාන්ය දේවල් කිරීමට අපට හැකි අපගේ පවුල, මිතුරන් හෝ සබඳතා නොවේ. ඒ වෙනුවට, සාර්ථකත්වයේ යතුරු වන්නේසියලු තත්වයන් හා තත්වයන් යටතේ අපට වඩාත්ම හොඳ දේ ලබා ගැනීමට ඇති හැකියාවයි. ඔබේ ජීවිතයට අනුවර්තනය වීමට සහ වෙනස් කිරීමට ඇති හැකියාව.
දැන් ඔබ තුළ, ඔබට නිසි ලෙස හා උපාය මාර්ගික නම්, ඔබගේ ජීවිතයේ අතිවිශිෂ්ට දේ ඉටු කර ගැනීමට හැකි වනු ඇති හැකියාව හා හැකියාවන්හි ගැඹුරු රක්ෂිතයන් ඇත. මගේ නොමිලයේ රඳා සිටීමේ ප්රරෝහණ මූලාරම්භය ලබා ගන්න, ගැටළු, දුෂ්කරතා, බාධක සහ බාධාවන් ජය ගැනීමට ඔබගේ හැකියාව වර්ධනය කර ගන්න
.

සාර්ථකත්වයට ප්රධාන ක්රම හතර

ඔබේ ජීවිතය වෙනස් කිරීමට සාර්ථකත්වයට විශිෂ්ට යතුරු හැම විටම එකම වේ.
  1. ඔබට අවශ්ය දේ කුමක්ද යන්නත්, ඔබට යන්නට අවශ්ය ස්ථානය කුමක්දැයි තීරණය කරන්න.
  2. නියමිත කාල සීමාවක් සකසා ගත හැකි ස්ථානයක් සැලසුම් කරන්න. (මතක තබාගන්න, ඉලක්කයක් යනු අන්තයක් සහිත සිහිනයක් පමණයි).
  3. ඔබගේ සැලැස්ම ක්රියාත්මක කරන්න; ඔබේ ඉලක්කය වෙත ගමන් කිරීමට දිනපතා කරන දෙයක් කරන්න.
  4. ඔබ සාර්ථක වන තුරු ඔබ නොකඩවා ස්ථිරව සිටින්න, ඔබ කවදාවත් අත් නොහරිනු ඇත.
මෙම සූත්රය සාර්ථකත්වයට ඔබේ යතුරයි. එය කවදා හෝ උත්සාහ කළ සෑම කෙනෙකුටම වැඩ කර තිබේ. ඔබට දිය හැකි හොඳම දේ සහ ඔබට දියුණු කළ හැකි හොඳම ගුණාංගයන් අවශ්ය වනු ඇත. පෞද්ගලික සාර්ථකත්වය සඳහා මෙම යතුරු සකස් කිරීම හා අනුගමනය කරමින්, ඔබ අද්විතීය පුද්ගලයෙකු බවට පත්වනු ඇත.

Monday, January 8, 2018

2018 වසර දනාත්මක සිතුවිලි වලින් පුරවගමුද?

2018 වසර සාරවත් කරගන්න පැතුම් ඉටු කරගමු.

2018 අපිට අවශ්ය දෙ ඉටු කර ගන්න ප්‍රර්තනා කරමු.

2018 මෙ ජනවාරියෙ සිට දෙසැම්බර් දක්වාම දනාත්මකව හිතමු.

2018 රිණ අදහස් වලට පණ නොදෙමු.

2018 දන අදහස් පමණක් සිතා එවාට පණ දෙමු.

2018 ජිවිතයෙ කරුණාවන්තම වසර කර ගමු.

2018 ජිවිතයෙ හොදම වසර කරගමු.

2018 නැගී සිටින වසර කරගමු.

2018 ජයම ලබන වසර කර ගමු.

2018 හැම දවසක් ම සතුටින් ගත කරමු.

2018 මා අසල සිටින්නාට උපකාරවෙන වසර කරගමු.

2018 සැමට සOග්‍රහ කරන වසර කරගමු.

2018 මොළයෙ වම් [රින] පැත්තෙන් නොසිතමු.

2018 මොළයෙ දකුණු පැත්තෙන්ම සිතමු.




Saturday, January 6, 2018

සාර්තකත්වයට ලගා වෙන්න අපි හැමොටම පුලුවන්


සාර්තකත්වයට ලන් වෙන්න පුලුවන් පුන්චි රහසක්,


 
1.සාර්තකත්වය යනු,සතුටෙ යතුර නොවෙ,එහෙත් සතුට යනු සාර්තකත්වයෙ යතුරයි.තමන් කරනා දෙට අසීමිතව ආදරය කරයි නම් කිසිවෙකුට ඔබව සාර්තක වීම වලකනු නොහැක.(ඇල්බට් ශ්වයිට්සර්)

2.සාර්තක මිනිසෙකුගෙ නැගීසිටීම ආරම්භ වන්නෙ අසාර්තක වූ පසුවයි.

3.සාර්තක වීම සම්බන්දයෙන් ඔබ අද දවසෙ විදින වෙදනාව හෙට දවස දිනවන ශක්තියක් විය හැක
.


  • සිතුවිලි වල ප්‍රබලත්වය සාර්තකත්වයට බලපානු ලබනවා.අපගෙ සිතිවිලි රිණාත්මක නම් අපිට සාර්තක වෙන්න,සාර්තකත්වයට ලන් වෙන්න කොහෙත්ම බැ.නමුත් දනාත්මක සිතුවිලි තියෙනවා නම් අපිට ලෙසියෙන් සාර්තක වෙන්න පුලුවන්.අපි නිතරම ඔව්,මට පුලුවන් , ඔව් මන් එක කරනවා.කියලා තරයෙ සිතා ගෙන අපගෙ ඉලක්ක,අරමුණු වලට ගමන් කල යුතුයි.අපි එ ගැන සිතා ගත්තට විතරක් මදියි,එය ක්‍රියාවට නැOවිය යුතුයි.විශෙශයෙන් අපිට නිතරම පෙන බිත්තියෙ ,එහෙමත් නැතිනම් අපගෙ මුදල් පසුම්බියෙ yes I can  හො ඔව් මන් එක කරනවා කියලා ලියපු පුන්චි කොලයක් නිතරම තබා ගත යුතුය.එය නිතර නිතර දැකිමෙන් අපගෙ මනස නිරයාසයෙන් ම අපගෙ ඉලක්කය වෙතට අපව ගෙන යනවා.ඇත්තටම හරිම පුදුම විදියට එක සිද්දවෙනවා.එ අනුව උත්සහයයි,කැපවීමයි එක්කම දනාත්මක සිතුවිලි ද ඉතාමත් වැදගත් වෙනවා.

මෙ වසරෙ මට සරු වෙනවා සහතිකයි

දියුණු වෙන්න මහා දෙයක් අවශ්ය නැ.මෙ වසරෙ මට සරු වෙනවා සහතිකයි කියලා නිතරම හිතෙන්න විතරක් හිත හදා ගන්න.මෙ සිතුවිල්ල ආත්ම විශ්වාසයෙ සිතුවිල්ලයි.ආත්ම විශ්වසය කියන මානසික ස්තාවරය ඔබට නැත්නම්,ඔබට පිහිට වෙන්න දෙමපියන්ටවත්, ගුරුවරුන්ටවත්,හිතවතුන්ට තියා දෙවියන්ටවත් ඔබට පිහිට වෙන්න බැ.ආත්ම විශ්වසය කියන්නෙ මිනිසාව කෙලින් හිටවලා තබන බලයටයි.කෙලින් හිටවලා තියන්න බැරි කෙනෙක් ව කෙලින් හිටවගෙන ඉන්න පුලුවන් කාටද?


දෙවියන් අසරණ කරන්න එපා,ආත්ම විශ්වසය නැති මිනිසාට දෙවියන්ට වත් පිහිට වෙන්න බැ කියලා කිව්වානෙ,ඇත්ත, එක සම්පූර්ණ ඇත්ත.හැම දෙනාම කියනවා'දෙවියො සක්ශි මට හරි යන් නැතුවට-දෙවියො බලගෙන ඉන්නවා ඇති-දෙවියන්ටවත් මගෙ දුක පෙන්නෙ නැනෙ.තියෙන එකාට තමා දෙවියොත් දෙන්නෙ.ඩෙවියනෙ මන් කාට කියන්නද.මෙහෙම කතා කියන අය ඔබට මුන ගැසිලා ඇති.එ කතා ඇත්ත,කරන්න තියෙන වත් පිලිවෙත් ඔක්කොම කරනවා.යන්න තියෙන හැම දෙවාලෙකමත් යනවා.කිසිම වෙනසක් නැ.'සරු' කියන වචනය අහලා තියෙනවා.අර්තයත් දන්නවා.එත් සරු කියන වචනයෙ රස තාම විදලා නැ.


ඔබයි ඔබෙ රිය ඇදුරු


බොහොම පුන්චි දෙයක් නිදසුනකට ගමු,ඔබ  කොයි තරම් ඉහළ වටිනාකමක් තියෙන වාහනයක් ද...ඔය ශරීරය නැමති වාහනය පදවන්නෙ ඔබෙ ආත්ම විශ්වාසය නැමති රිය ඇදුරු තුමායි.ජිවිතය කියන සුපිරි වාහනය සාර්තකව ගමනාන්තය දක්වා පැදවිම ජිවන පැදවිම ඉගෙන ගන්නැතිව කල හැකි දෙයක් නොවෙ.ඩ්‍රයිවින් විතරක් ඉගෙන ගෙන මදියි.මාර්ග නීති සමාජ නීති රීති මෙ ඔක්කොමත් හරි හැටි දැනගෙන ඉවසීමයි,බුද්දියයි,උත්සහයයි,සතුටයි,සාර්තකත්වයයි කියන ගියර් පාවිච්චි කර ගෙන තමයි ජිවන රිය පැදවිය යුත්තෙ.රියඇදුරු තුමා වැටෙනවා නම්,, අහක බලන් රිය පදවනවා නම්,,වාහනෙ ලයිට් නැතුව පදවනවා නම්,,අන්න එ වගෙ තමා ඇදුරුතුමනි ඔබත් කරන්නෙ,කාටවත් දොස් කියන්න එපා.ඔබට පිහිට වෙන්න කාටවත් බැ.ඔබට පිහිට වෙන්න පුලුවන් කිසිම ජගතෙක් නැ.එකම එක්කෙනයි ඉන්නෙ...එ ආත්ම විශ්වාසයයි.ආත්ම විශ්වාසය තියෙන කෙනාට හැමොම පිහිට වෙනවා.යන යන තැන කරන වැඩෙ හරියටම අකුරටම හරියනවා.සරු වෙනවා.ජීවිතෙ නම් වාහනය සාරවත් ව පදවන්න පුලුවන් රියඇදුරු තුමා ආත්ම විශ්වාසයයි.එක තිතට තියෙන්න ඔනෙ.ආත්ම විශ්වාසය හරියට ශරීරයෙ අස්ති පද්දතිය වගෙ.ශරීරයෙ ඇට නැත්නම් මස් වලින් කෙලින් හිට වන්න බැ.හැලෙනවා.ඇට නැත්නම් ශරීරය පැදුරක් වගෙ රොල් කරන්න පුලුවන්.ශරීරයට ඔබෙ අස්ති පද්දතිය කොපමණ බලයක් ශක්තියක් ලබා දෙනවාද. ආත්ම ශක්තියත් ඔබට එතරම්ම පිහිට වෙනවා.ආත්ම විශ්වාසය ශරීරයෙ අස්ති පද්දතියට සමාන සෙවයක් ඊටත් වඩා සෙවයක් සපයනවා.ආත්ම විශ්වාසය ඇති කර ගන්නෙ කොහොමද?මුලු රටම අද කතා කරන දනාත්මක චින්තනය කියලා,දන චින්තනය....අන්න එ චින්තන රටාවට මූලික වෙන්නෙ ආත්ම විශ්වාසය යි.


හිතෙන්න ඔනෙ

ඔබට නිතරම හිතෙනවා නම් 'මට හරියනවා ශුවර්.මට සරු වෙනවා ශුවර්,මම මාව සාරවත් මිනිසෙක් කරවනවා සහතිකයි.
එ අනුව ඔබ ඔබටම එසෙ කියා ගැනීමෙන් ,කියා ගැනීමට හීතෙනවා නම් ඇත්තටම ඔබට සරු වෙනවා නිසැකවම.ඔබ අද සිට එලෙස සිතා බලන්න.වෙනස අත්විද බලන්න.


උපුටා ගැනීම - මනස සගරාව

Friday, January 5, 2018

ඔබෙ දරුවා ගැන දනාත්මක කවි හදලා කියන්න

ඔබෙ දරුවා නළවන්න කවි ඔබට ඔන විදියට දනාත්මක වචන වලින් හදාගන්න පුලුවන්.හරි ලෙසියි.දරුවාගෙ ලස්සන අනාගතය ගැන,සරු අනාගතය ගැන,දරුවාගෙ අනාගතයෙදි එයා උදාකරගන්න තත්වය ගැන කවියක් ගයන්න උත්සහ කරන්න.කවියට ලස්සනට පද පෙලිය ඔබෙ මුවට ගලාගෙන එන හැටි බලන්න.


මගෙ සුදු පුතා උස යනවා මටත් වඩා
මගෙ සුදු පුතා බැබලෙනවා සදට වඩා
මගෙ සුදු පුතාට සරු වෙනවා සැමට වඩා
මගෙ සුදු පුතා ඉතිරෙයි යහ ගුණෙන් වඩා 

එ කවිය හරිම සරලයි.ඔනැම මවකට පියෙකුට එ වගෙ කවි හදලා දරුවට ඇහෙන්න ගයන්න පුලුවන්.දනාත්මක,සරල කවි වලින් දරුවා නළවන්න.මෙ වචන පුOචි පුතාට අද නොතෙරුනාට එවා එයාගෙ හිසෙ තැම්පත් වෙලා බහ තෙරෙනකොට අන්න අර තැම්පත් වචන වල බලය හිස ඔසවනවා.

අම්මාගෙන් දරුවට මෙ උපකාරය සිදුවෙන්නම ඔනෙ.ඇත්තටම දරුවගෙ හිසට ඇතුල් කළ වචනවල බලය පසු කලෙක ඔහුගෙ ආත්ම විශ්වාසයට කෙලින්ම බලපාන බව මතක තබා ගත යුතු ය.

දනාත්මක නැළවිල්ලක්

ඉනට පළා නෙළා ගෙනෙ
අතට වෙරලු ඇහිද ගෙනෙ
බරටම දර කඩා ගෙනෙ
එයි අම්මා විගසින්නෙ

තම මව දර කඩාගෙන එ
න්න වනයට ගිය බව තම දෙපා මත නැළවෙන කුඩා නOගිට සිය වැඩිමහල් සොයුරිය ගයන ලස්සන නැළවිලි කවියක් එ.බලන්න මෙ කවිය කොච්චර දනාත්මක ද..කොච්චර සරු ද කියලා.අම්මා දර කඩගෙන එන්න ගිය කතාව තුළ අඩOගු වෙලා තියෙන සරු බව බලන්නකො.දර විතරක් නෙමෙනෙ වෙරලුත් ගෙනවා.මලවන්න කොලත් නෙළාගෙනයි අම්මා එන්නෙ.මෙ කවියෙන් නැළවෙලා නින්දට යන දරුවාගෙ මොළය තුල තැම්පත් වන්නෙ පොශණිය හැගීමක්.සාරවත් සුන්දර රසාශ්වාද ජනක සතුටක්.අම්මා ගෙදර නැති හෙයින් දුකින් හඩන දරුවට සිය සහොදරියන්ගෙන් ලැබෙන සරු පොශණ අදහස කෙතරම් සුන්දර ද...


රිණාත්මක නැළවිලි කවියක්

නුබෙ අම්මා කිරට ගියා
කිරි දොගෙන එන්න ගියා
කිරි මුට්ටිය ගගෙ ගියා
ගගට උඩින් කොක්කු ගියා

මෙ කවිය ගායනා කරන්නෙ දරුවට හිතකාමි පවුලෙ කෙනෙක් නම් වෙන්න බැ.මෙවැනි කවියකින් දරුවා නළවන විට කවියෙ රිද්මය ට දරුවාට නින්ද ගියාට එ වචනවල අර්තය දරුවාගෙ මොලයට අවශොශණය වන බැවින් පසුකලෙක මෙ වචන වල අර්තය දරුවාට තෙරෙනකොට එ වචන වල අඩOගු ගුණය දරුවාට අත්විදින්න විමයි විපත.මෙ කවිය කොහෙත්ම දනාත්මක අගයකින් තොර වු කවියකි.මෙවැනි කවි වලින් නින්දට යන දරුවාගෙ මොළයෙ තැම්පත් වන්නෙ බලාපොරොත්තු කඩවුනු විපත්දායක විස සහිත කටුක අදහස් ගොඩක් පමනි.
තමාට කිරි නොලැබෙන බවත් කිරි මුට්ටිය ගගෙ ගිය බවත් අම්මාගෙ උත්සහය අපතෙ ගිය බවත් මෙ කවියෙන් කියවෙයි.
මෙවැනි කවි දරුවන්ට ඇසීමට පෙනීමට සැලසිම නොකල යුතුය.එයට හෙතුව කුඩා කාලයෙදි ළදරු මොළයට කැවෙන අදහස්, සිතිවිලි, වචන,දර්ශන දරුවාගෙ අනාගතයෙදි එවා යලි අත්විදීමට සිදුවීමයි.

මෙ නිසා දෙමාපියනි,ඔබට කොතරම් මිල මුදල්,දෙපල තිබුනත් දනාත්මක චින්තනයක් දරුවන්ට නැත්නම් එයාලට ලොකු අඩුවක් සිදුවන්නෙ ඔබෙන්.කුඩා කාලෙ ඉදලම පුOචි දරුවන්ට දනාත්මක වචන වලින් සOග්‍රහ කරන්න.

දනාත්මක අදහස් වලට පණ දී ජිවිතය සාර්තක කරගන්න

ජනවාරි මාසෙ ඉදලම මෙන්න මෙ අලුත් අභ්යාසය පටන් ගන්න.හැමදාම කන්ණාඩිය ඉදිරිපිට හිටගෙන,ඔබෙ සරු ගුණ පහක් කියන්න.ඔබට ශක්තිය අවශ්යයි.ඔබෙ ආත්මය ශක්තිමත් කල යුත්තෙ ඔබයි.ඔබෙ හොද ගැන ඔබෙ ගුණ ගැන වෙන කවුරුත් කතා කරන තුරු බලන් ඉන්න එපා.කල්පනා කරලා බලන්න,ඔබෙ ලස්සන ගුණ කොච්චර තියෙනවද?එවායින් කිහිපයක් තොරාගෙන කණ්ණාඩිය ඉදිරියෙදි ඔබට ඇහෙන්න ඔබටම හොදට කියවන්න.සමහරවිට ඔබ ඊයෙත් නරක ගුණ දරපු කෙනෙක් ලෙස ඔබට දැනෙන්න පුලුවන්.අතීතයෙන් අපට වැඩක් නැ.වර්තමානයෙ මෙ අද මෙ දැන් ඉදලම අපි හොද වෙමු.නරක මිනිස්සු කවුරුත් නැ.ඔක්කොම හොදයි.නරක ගුණ අයින් කලාම මිනිස්සු හොද වෙනවානම් නරක මිනිස්සු කොහෙද ඉන්නෙ? අපි ඔක්කොම මෙ ලස්සන විශ්ව බුද්දිය විසින් නිර්මාණය වු උත්තරීතර මන උසස් සතුන්. මනු සතුන්.
ඔබෙ පහසුවට ගුණ කිපයක් මෙතැන ලියන්නම්.හැබැයි මෙ ගුණ වලට අමතරව මනුස්සයන් සතු විවිද හොද ගුණ තියෙනවා තව දහස් ගණනක් 

  • මම මගෙ හදවතටත් ශරීරයටත් ආත්මයටත් ගොඩක් ආදරෙයි.
  • මම හොද මතක ශක්තියක් තියෙන කෙනෙක්.
  • මම කළගුණ සලකන කෙනෙක්,කළ අගුණ නොසලකන කෙනෙක්
  • මම එඩිතර ප්‍රගතිශීලී කෙනෙක්
  • මම අනාගතය සැලසුම් කරන විශිශ්ට මනුස්සයෙක්
  • හැමොම සතුටින් ඉන්නවා දකින්න මන් ආසයි
  • මම නිතරම මගෙ දියුනුව  ගැන හිතන කෙනෙක්
  • මන් කාලකණ්ණි වෙන් නැ.
  • නරක මිනිස්සු අතරෙ මන් හොද කෙනෙක්
  • මම ඉතිරි කරන කෙනෙක්
  • මම හොද දානපතියෙක්
  • මම දිවිහිමියෙන් දෙමපියන්ට සලකන කෙනෙක්
  • මගෙ හොදම විනොදාන්ශය දැනුමින් පොශණය වීමයි
  • මම හොද මිතුරෙක්                                                                                

 මෙ අතරින් ඔබට ගැලපෙන ගුණ තොරාගෙන කණ්ණාඩිය ඉදිරිපිට විනාඩි තුන හතරක් දිනපතා කියවලා බලන්න.ලස්සන ගුණ ගොඩාක් ඔබ තුල ඇති.එ ගුණ වලින් පහක් විතර දිනපතා ඔබ ඔබටම කියවාගන්න.ඔබ ඔබ ගැන පුන්චි පුරොකතනයක් කරන විට ඔබෙ ලොකු වෙනසක් වෙනවා.නරක දැ ඔබෙන් බැහැර වෙනවා.ඔබ හොද මනුස්සයෙක් වෙන්න පටන් ගන්නවා.පිට කෙනෙක් ඔබෙ හොද කියනකොට කොච්චර ආසද?එ වගෙමයි ඔබ ඔබෙ හොද ඔබට ඇහෙන්න කියවන කොට ඊටත් වඩා ඔබ කැමති.ඔබ ඔබව අගය කරගන්න.තව කාටවත් ඔබෙ අගය තෙරෙන්නෙ නැ.සමහර අය ගුණ මකනවා.එකනෙ ගුණමකු මිනිස්සු කියන්නෙ.ඔබ කාගෙවත් ගුණ මකන්න එපා.ඔබෙ ගුණ විශෙශයෙන්ම මකා දමන්නම එපා.එවා මතුකර ගෙන ජිවිතය තව සරු කරගන්න.



රුවන් වැකි බලන් සකි

"නිශ්චිත සිහිනයක් සපුරා ගැනීමට කැමති කෙනකු විසින් ළඟා වූ විට, අප බොහෝ දෙනෙක් සරල උපදෙස් ලබා දෙයි: සිතන්න ධනාත්මකයි!"  ( Gabriele ...