Friday, January 5, 2018

ඔබෙ දරුවා ගැන දනාත්මක කවි හදලා කියන්න

ඔබෙ දරුවා නළවන්න කවි ඔබට ඔන විදියට දනාත්මක වචන වලින් හදාගන්න පුලුවන්.හරි ලෙසියි.දරුවාගෙ ලස්සන අනාගතය ගැන,සරු අනාගතය ගැන,දරුවාගෙ අනාගතයෙදි එයා උදාකරගන්න තත්වය ගැන කවියක් ගයන්න උත්සහ කරන්න.කවියට ලස්සනට පද පෙලිය ඔබෙ මුවට ගලාගෙන එන හැටි බලන්න.


මගෙ සුදු පුතා උස යනවා මටත් වඩා
මගෙ සුදු පුතා බැබලෙනවා සදට වඩා
මගෙ සුදු පුතාට සරු වෙනවා සැමට වඩා
මගෙ සුදු පුතා ඉතිරෙයි යහ ගුණෙන් වඩා 

එ කවිය හරිම සරලයි.ඔනැම මවකට පියෙකුට එ වගෙ කවි හදලා දරුවට ඇහෙන්න ගයන්න පුලුවන්.දනාත්මක,සරල කවි වලින් දරුවා නළවන්න.මෙ වචන පුOචි පුතාට අද නොතෙරුනාට එවා එයාගෙ හිසෙ තැම්පත් වෙලා බහ තෙරෙනකොට අන්න අර තැම්පත් වචන වල බලය හිස ඔසවනවා.

අම්මාගෙන් දරුවට මෙ උපකාරය සිදුවෙන්නම ඔනෙ.ඇත්තටම දරුවගෙ හිසට ඇතුල් කළ වචනවල බලය පසු කලෙක ඔහුගෙ ආත්ම විශ්වාසයට කෙලින්ම බලපාන බව මතක තබා ගත යුතු ය.

දනාත්මක නැළවිල්ලක්

ඉනට පළා නෙළා ගෙනෙ
අතට වෙරලු ඇහිද ගෙනෙ
බරටම දර කඩා ගෙනෙ
එයි අම්මා විගසින්නෙ

තම මව දර කඩාගෙන එ
න්න වනයට ගිය බව තම දෙපා මත නැළවෙන කුඩා නOගිට සිය වැඩිමහල් සොයුරිය ගයන ලස්සන නැළවිලි කවියක් එ.බලන්න මෙ කවිය කොච්චර දනාත්මක ද..කොච්චර සරු ද කියලා.අම්මා දර කඩගෙන එන්න ගිය කතාව තුළ අඩOගු වෙලා තියෙන සරු බව බලන්නකො.දර විතරක් නෙමෙනෙ වෙරලුත් ගෙනවා.මලවන්න කොලත් නෙළාගෙනයි අම්මා එන්නෙ.මෙ කවියෙන් නැළවෙලා නින්දට යන දරුවාගෙ මොළය තුල තැම්පත් වන්නෙ පොශණිය හැගීමක්.සාරවත් සුන්දර රසාශ්වාද ජනක සතුටක්.අම්මා ගෙදර නැති හෙයින් දුකින් හඩන දරුවට සිය සහොදරියන්ගෙන් ලැබෙන සරු පොශණ අදහස කෙතරම් සුන්දර ද...


රිණාත්මක නැළවිලි කවියක්

නුබෙ අම්මා කිරට ගියා
කිරි දොගෙන එන්න ගියා
කිරි මුට්ටිය ගගෙ ගියා
ගගට උඩින් කොක්කු ගියා

මෙ කවිය ගායනා කරන්නෙ දරුවට හිතකාමි පවුලෙ කෙනෙක් නම් වෙන්න බැ.මෙවැනි කවියකින් දරුවා නළවන විට කවියෙ රිද්මය ට දරුවාට නින්ද ගියාට එ වචනවල අර්තය දරුවාගෙ මොලයට අවශොශණය වන බැවින් පසුකලෙක මෙ වචන වල අර්තය දරුවාට තෙරෙනකොට එ වචන වල අඩOගු ගුණය දරුවාට අත්විදින්න විමයි විපත.මෙ කවිය කොහෙත්ම දනාත්මක අගයකින් තොර වු කවියකි.මෙවැනි කවි වලින් නින්දට යන දරුවාගෙ මොළයෙ තැම්පත් වන්නෙ බලාපොරොත්තු කඩවුනු විපත්දායක විස සහිත කටුක අදහස් ගොඩක් පමනි.
තමාට කිරි නොලැබෙන බවත් කිරි මුට්ටිය ගගෙ ගිය බවත් අම්මාගෙ උත්සහය අපතෙ ගිය බවත් මෙ කවියෙන් කියවෙයි.
මෙවැනි කවි දරුවන්ට ඇසීමට පෙනීමට සැලසිම නොකල යුතුය.එයට හෙතුව කුඩා කාලයෙදි ළදරු මොළයට කැවෙන අදහස්, සිතිවිලි, වචන,දර්ශන දරුවාගෙ අනාගතයෙදි එවා යලි අත්විදීමට සිදුවීමයි.

මෙ නිසා දෙමාපියනි,ඔබට කොතරම් මිල මුදල්,දෙපල තිබුනත් දනාත්මක චින්තනයක් දරුවන්ට නැත්නම් එයාලට ලොකු අඩුවක් සිදුවන්නෙ ඔබෙන්.කුඩා කාලෙ ඉදලම පුOචි දරුවන්ට දනාත්මක වචන වලින් සOග්‍රහ කරන්න.

2 comments:

  1. යතාර්ථයක් ලස්සනට පෙන්නල තියෙනවා.දිගටම ලියන්න ලස්සනයි

    ReplyDelete
  2. යතාර්ථයක් ලස්සනට පෙන්නල තියෙනවා.දිගටම ලියන්න ලස්සනයි

    ReplyDelete

රුවන් වැකි බලන් සකි

"නිශ්චිත සිහිනයක් සපුරා ගැනීමට කැමති කෙනකු විසින් ළඟා වූ විට, අප බොහෝ දෙනෙක් සරල උපදෙස් ලබා දෙයි: සිතන්න ධනාත්මකයි!"  ( Gabriele ...