Saturday, January 27, 2018

ස්වයO යොජනා වල බලය අත්දකිමු.

ඔයාගේ ජීවිතේ පාළනය ඔයා සතුයි. අන් අයට දීපු නූල් ආපසු ඔබ අතට ගන්න. ස්වයං යෝජනා වල බලය අත් විඳින්න. සෑම දිනකම මේ ස්ව‍යං යෝජනා කණ්නාඩියකින් ඔබේ ඇස් දෙක දිහාම බලාගෙන කියන්න. පේන්න අලවා තියා ගන්න.

  • නැවුම් සිතුවිලි නිසා මගේ ජීවිතයම සොඳුරුයි! ආනන්දනීයයි! ප්‍රභාශ්වරයි!

  • මගේ ජීවිතයේ හැම මොහොතකම සතුට පිරිලා ඉතිරිලා!

  • හැම අවස්ථාවකින්ම හොඳක් වෙන බව මම ඉඳුරාම  දන්නවා.

  • හැම යහපත් දේ මම කරන්නේ ඉතාම කැමැත්තෙන් හා උනන්දුවෙන්!


  • මම මගෙත් එක්ක ඉන්න හැම මොහොතකම සතුට පිරිලා ඉතිරිලා

  • මගේ ළඟ ඉන්න හැමෝටම සතුට බෙදා දෙන්න මට පුළුවන්

  • උදාවෙලා තියෙන හැම ලස්සන දවසකටම මම මටම ස්තුති වන්ත වෙනවා.

  • සෑම ලස්සන දවසකටම විශ්ව ශක්තියට ස්තුති වන්ත වේවා!

  • අලුත් අය හඳුනා ගැනීම හරිම සතුටක්

  • මට ඉතාම ආකර්ෂණීය පෙනුමක් තියෙනවා

  • මගෙන් වියයුතු කටයුතු මම කරන්නේ හරිම සතුටින්

  • මම මගේ රැකියාව කරන්නේ හරිම තෘප්තියකින්

  • මොහොතින් මොහොත මගේ ජීවිතයේ සතුට වැඩිවෙනවා

  • හැම ප්‍රශ්නයක්ම ගැටළුවක්ම මගේ ජීවිතයට ළඟා වෙන්නේ මට හොඳක් කරන්න

  • සැබවින්ම මම මට හුඟාක් ආදරෙයි



  • මේ ජීවිතයම අපූරු සොඳුරු චාරිකවක්

  • හැම විටම අළුත් විකල්ප සොයා ගැනීම පහසු කරුණක්

  • මා අන් අය අතර ඉතා ජනප්‍රියයි

  • මගේ අනාගතය සොඳුරු පියකරු එකක්

  • මගේ පවුලේ හැම කෙනෙකුටම මම කැමතියි.

  • මම හුඟාක් වාසනාවන්තයි.

  • ගේ ජීවිතයේ වෙන හැම යහපතකටම මම විශ්ව ශක්තියට ස්තුති වන්ත වෙනවා

  • මගේ අනාගතය ඉතාම දීප්තිමත්

  • මම ඉරක් වගේ ලෝකෙටම එළිය දෙන්න පුළුවන් කෙනෙක්

  • විශ්වයේ අනන්තවත් විශ්ව ශක්තීන් මගේ සතුටත් ප්‍රබෝධයත් වැඩි කරනවා

  • මගේ යටි සිතේ අසීමිත ශක්තියෙන් මට හොඳට වැඩකරන්න පුළුවන්

  • මා උපන්නේ දිනන්නයි. ඔව් මට පුළුවන්

  • මගේ හැම දිනුමකින්ම අනිත් අයටත් යහපතක් වෙනවා

  • මගේ ජීවිතේ ඉලක්ක දිනා ගන්නේ හරිම කැමැත්තකින්, හුඟාක් අභිමානයකින්

  • හැම දවසකම හැම මොහොතකම මම ප්‍රබෝධයෙන්

  • සෑම දවසකම සෑම මොහොතකම මම මගේ ඉලක්ක වෙත ළං වෙනවා.

  • ජීවිතයේ හැම අභියෝගයක්ම මා සතුටින් ජයගන්නවා

  • සතුට පිරුණු මගේ සිතට හැමෝටම මෛත්‍රිය කරන්න පුළුවන්

No comments:

Post a Comment

රුවන් වැකි බලන් සකි

"නිශ්චිත සිහිනයක් සපුරා ගැනීමට කැමති කෙනකු විසින් ළඟා වූ විට, අප බොහෝ දෙනෙක් සරල උපදෙස් ලබා දෙයි: සිතන්න ධනාත්මකයි!"  ( Gabriele ...