Saturday, January 6, 2018

මෙ වසරෙ මට සරු වෙනවා සහතිකයි

දියුණු වෙන්න මහා දෙයක් අවශ්ය නැ.මෙ වසරෙ මට සරු වෙනවා සහතිකයි කියලා නිතරම හිතෙන්න විතරක් හිත හදා ගන්න.මෙ සිතුවිල්ල ආත්ම විශ්වාසයෙ සිතුවිල්ලයි.ආත්ම විශ්වසය කියන මානසික ස්තාවරය ඔබට නැත්නම්,ඔබට පිහිට වෙන්න දෙමපියන්ටවත්, ගුරුවරුන්ටවත්,හිතවතුන්ට තියා දෙවියන්ටවත් ඔබට පිහිට වෙන්න බැ.ආත්ම විශ්වසය කියන්නෙ මිනිසාව කෙලින් හිටවලා තබන බලයටයි.කෙලින් හිටවලා තියන්න බැරි කෙනෙක් ව කෙලින් හිටවගෙන ඉන්න පුලුවන් කාටද?


දෙවියන් අසරණ කරන්න එපා,ආත්ම විශ්වසය නැති මිනිසාට දෙවියන්ට වත් පිහිට වෙන්න බැ කියලා කිව්වානෙ,ඇත්ත, එක සම්පූර්ණ ඇත්ත.හැම දෙනාම කියනවා'දෙවියො සක්ශි මට හරි යන් නැතුවට-දෙවියො බලගෙන ඉන්නවා ඇති-දෙවියන්ටවත් මගෙ දුක පෙන්නෙ නැනෙ.තියෙන එකාට තමා දෙවියොත් දෙන්නෙ.ඩෙවියනෙ මන් කාට කියන්නද.මෙහෙම කතා කියන අය ඔබට මුන ගැසිලා ඇති.එ කතා ඇත්ත,කරන්න තියෙන වත් පිලිවෙත් ඔක්කොම කරනවා.යන්න තියෙන හැම දෙවාලෙකමත් යනවා.කිසිම වෙනසක් නැ.'සරු' කියන වචනය අහලා තියෙනවා.අර්තයත් දන්නවා.එත් සරු කියන වචනයෙ රස තාම විදලා නැ.


ඔබයි ඔබෙ රිය ඇදුරු


බොහොම පුන්චි දෙයක් නිදසුනකට ගමු,ඔබ  කොයි තරම් ඉහළ වටිනාකමක් තියෙන වාහනයක් ද...ඔය ශරීරය නැමති වාහනය පදවන්නෙ ඔබෙ ආත්ම විශ්වාසය නැමති රිය ඇදුරු තුමායි.ජිවිතය කියන සුපිරි වාහනය සාර්තකව ගමනාන්තය දක්වා පැදවිම ජිවන පැදවිම ඉගෙන ගන්නැතිව කල හැකි දෙයක් නොවෙ.ඩ්‍රයිවින් විතරක් ඉගෙන ගෙන මදියි.මාර්ග නීති සමාජ නීති රීති මෙ ඔක්කොමත් හරි හැටි දැනගෙන ඉවසීමයි,බුද්දියයි,උත්සහයයි,සතුටයි,සාර්තකත්වයයි කියන ගියර් පාවිච්චි කර ගෙන තමයි ජිවන රිය පැදවිය යුත්තෙ.රියඇදුරු තුමා වැටෙනවා නම්,, අහක බලන් රිය පදවනවා නම්,,වාහනෙ ලයිට් නැතුව පදවනවා නම්,,අන්න එ වගෙ තමා ඇදුරුතුමනි ඔබත් කරන්නෙ,කාටවත් දොස් කියන්න එපා.ඔබට පිහිට වෙන්න කාටවත් බැ.ඔබට පිහිට වෙන්න පුලුවන් කිසිම ජගතෙක් නැ.එකම එක්කෙනයි ඉන්නෙ...එ ආත්ම විශ්වාසයයි.ආත්ම විශ්වාසය තියෙන කෙනාට හැමොම පිහිට වෙනවා.යන යන තැන කරන වැඩෙ හරියටම අකුරටම හරියනවා.සරු වෙනවා.ජීවිතෙ නම් වාහනය සාරවත් ව පදවන්න පුලුවන් රියඇදුරු තුමා ආත්ම විශ්වාසයයි.එක තිතට තියෙන්න ඔනෙ.ආත්ම විශ්වාසය හරියට ශරීරයෙ අස්ති පද්දතිය වගෙ.ශරීරයෙ ඇට නැත්නම් මස් වලින් කෙලින් හිට වන්න බැ.හැලෙනවා.ඇට නැත්නම් ශරීරය පැදුරක් වගෙ රොල් කරන්න පුලුවන්.ශරීරයට ඔබෙ අස්ති පද්දතිය කොපමණ බලයක් ශක්තියක් ලබා දෙනවාද. ආත්ම ශක්තියත් ඔබට එතරම්ම පිහිට වෙනවා.ආත්ම විශ්වාසය ශරීරයෙ අස්ති පද්දතියට සමාන සෙවයක් ඊටත් වඩා සෙවයක් සපයනවා.ආත්ම විශ්වාසය ඇති කර ගන්නෙ කොහොමද?මුලු රටම අද කතා කරන දනාත්මක චින්තනය කියලා,දන චින්තනය....අන්න එ චින්තන රටාවට මූලික වෙන්නෙ ආත්ම විශ්වාසය යි.


හිතෙන්න ඔනෙ

ඔබට නිතරම හිතෙනවා නම් 'මට හරියනවා ශුවර්.මට සරු වෙනවා ශුවර්,මම මාව සාරවත් මිනිසෙක් කරවනවා සහතිකයි.
එ අනුව ඔබ ඔබටම එසෙ කියා ගැනීමෙන් ,කියා ගැනීමට හීතෙනවා නම් ඇත්තටම ඔබට සරු වෙනවා නිසැකවම.ඔබ අද සිට එලෙස සිතා බලන්න.වෙනස අත්විද බලන්න.


උපුටා ගැනීම - මනස සගරාව

1 comment:

රුවන් වැකි බලන් සකි

"නිශ්චිත සිහිනයක් සපුරා ගැනීමට කැමති කෙනකු විසින් ළඟා වූ විට, අප බොහෝ දෙනෙක් සරල උපදෙස් ලබා දෙයි: සිතන්න ධනාත්මකයි!"  ( Gabriele ...